දේශීය

නෞකාවේ කපිතාන්වරයා ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි

(UTV | කොළඹ) – කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහායක ඉංජිනේරුවරයා යන තිදෙනාට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළේය.   

මේ අතර, අදාළ නෞකාවට එය මුදා ගැනීම සඳහා පැමිණි සමාගමේ කිමිදුම්කරුවන් තිදෙනෙකු ගොඩවී නිරීක්ෂණයක නිරත වූ බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම ජලය කිඳා බැසීම හේතුවෙන් නෞකාවේ පසුපස කොටසේ සුළු පහළ යාමක් දක්නට ලැබෙන බව ද නාවික හමුදාව කියා සිටියි.

Related posts

කිරි ආශ්‍රිත ඇතැම් නිෂ්පාදන හිගය මගහරවන්න සැළසුම්

Mohamed Dilsad

ඇදිරි නීතිය දමා කල කැපකිරීම් වතුරේ ගියා – සෞඛ්‍ය බලධාරීන්

Mohamed Dilsad

වරාය වෙත පිවිසෙන නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තුවලින් නිදහස් කරයි

Mohamed Dilsad

Leave a Comment