දේශීය

විදෙස් ගමනාන්ත කීපයකට ලිපි, භාණ්ඩ බෙදාහැරීම ගුවන් සහ මුහුදු මාර්ගයෙන් [RELEASE]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ සිට විදෙස් තැපැල් ලිපි සහ භාණ්ඩ තෝරාගත් ගමනාන්තයන්ට ගුවන් මගින් සහ මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගුවන්තොටුපල සාමාන්‍ය කටයුතු නතර කිරීමත් සමග විදෙස් තැපැල් භාණ්ඩ හුවමාරු වන ප්‍රධාන ක්‍රමවේදයක් වන තැපැල් සේවය මුළුමනින්ම අඩපණ විය.

මේ හේතුවෙන් විදෙස්ගතව සිටින හිතමිතුරන්ට අවශ්‍ය ලිපි සහ භාණ්ඩ යොමු කිරීමට නොහැකි මෙරට ජීවත්වන දෙස් විදෙස් පාරිභෝගිකයන්ට යම් සහනදායී විසඳුමක් ලබාදීමේ අරමුණ සහිතව තැපැල් දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන තිබේ.

 

Related posts

උ/ පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් භාරගැනීම අවසන්

Mohamed Dilsad

මුර්දු ප්‍රනාන්දු අග්‍රවිනිශ්චයකාර ධූරයේ දිවුරුම් දෙයි.

Editor O

ලංවිමට ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment