දේශීය

විදෙස් ගමනාන්ත කීපයකට ලිපි, භාණ්ඩ බෙදාහැරීම ගුවන් සහ මුහුදු මාර්ගයෙන් [RELEASE]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ සිට විදෙස් තැපැල් ලිපි සහ භාණ්ඩ තෝරාගත් ගමනාන්තයන්ට ගුවන් මගින් සහ මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගුවන්තොටුපල සාමාන්‍ය කටයුතු නතර කිරීමත් සමග විදෙස් තැපැල් භාණ්ඩ හුවමාරු වන ප්‍රධාන ක්‍රමවේදයක් වන තැපැල් සේවය මුළුමනින්ම අඩපණ විය.

මේ හේතුවෙන් විදෙස්ගතව සිටින හිතමිතුරන්ට අවශ්‍ය ලිපි සහ භාණ්ඩ යොමු කිරීමට නොහැකි මෙරට ජීවත්වන දෙස් විදෙස් පාරිභෝගිකයන්ට යම් සහනදායී විසඳුමක් ලබාදීමේ අරමුණ සහිතව තැපැල් දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන තිබේ.

 

Related posts

ගුණපාල රත්නසේකර රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ හේතුව මෙන්න

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් ටෙලි නිළි උපේක්‍ෂාට පොලිස් ඇප

Mohamed Dilsad

කොරෝනා කාලයේ මත්තල මෙහෙයුම් ඉහළට

Mohamed Dilsad

Leave a Comment