දේශීය

සොරකම් කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට

(UTV |ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු නගරයක් වන මෙල්බර්න් හිදී ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු සහ ඉන්දියානුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මෙල්බර්න් හි සීබීඩී ප්‍රදේශයේ පොදු ප්‍රවාහන සේවාවලදී සහ සාප්පු සවාරි යන ජනතාවගේ මුදල් පසුම්බි සොරකම් කිරීමේ චෝසචෝදනා මතය.

පසුගිය මාස දෙක තුළ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

චූදිතයන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ වයස අවුරුදු 25 ත් 38 ත් අතර පිරිමින් සිව්දෙනෙකු වන බව වාර්තාවේ.

ඔවුන් සියල්ල අප්‍රේල් 14 වනදා මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.

Related posts

ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුවූ මරණ 37500 ඉක්මවයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසම සහ පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

විශ්ව විද්‍යාලවලට තෝරා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය තුළ

Mohamed Dilsad

Leave a Comment