දේශීය

මැතිවරණ කොමිසම සහ පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) – මහ මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් හෙට (02) පැවැත්වීමට නියමිතයි.

කොමිසමේ නියෝජිතයෙකු සඳහන් කළේ මෙම සාකච්ඡාව හෙට උදෑසන 11.15 ට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ කොමිසමේ නියෝජිතයින් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවන දෙවන අවස්ථාව මෙයයි.

කෙසේවෙතත් වමෙම සාකච්ඡාව සදහා එක් දේශපාලන පක්ෂයකින් එක් නියෝජිතයෙකුට පමණක් සහභාගී වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් සිදුකර තිබේ.

Related posts

ශ්‍රී ලංකා යුද හමුදාවට ප්‍රථම වරට ඉංජිනේරු සේනාංකයක්

Mohamed Dilsad

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

යෝෂිත රාජපක්ෂට කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක්

Mohamed Dilsad

Leave a Comment