දේශීය

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට

(UTV | කොළඹ) – අභියාචනාධිකරණ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝඳාගොඩ මහතාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට නිර්දේශ කර තිබේ.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධනගේ අභාවයෙන් පසු හිස් වූ ධුරය සඳහා වේ.

ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයාගේ එම නිර්දේශය කථානායකවරයා වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නිර්දේශය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා කථානායකවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

පසුගිය දෙසැම්බර් 24 වන දා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන  අභාවප්‍රාප්ත විය.

 

Related posts

වව්නියාවේ භූ කම්පනයක්

Editor O

තෙල් අර්බුදයට බැසිල්ගෙන් පොහොට්ටු කමිටුවක්

Mohamed Dilsad

වැඩි මිලට සහල් අලෙවි කරන්නන්ට එරෙහිව දැඩි පියවර

Mohamed Dilsad

Leave a Comment