දේශීය

කුඩා දරුවා යටකළ ත්‍රීරෝද රථ රියදුරා අත්අඩංගුවට

(UTV | නුවරඑළිය ) – බගවන්තලාව පොලීසිය විසින් බගවන්තලාව නගරයේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි අවුරුදු 6 වයසැති පාසල් සිසුවෙකු යටෙකර පලා ගිය ත්‍රීරෝද රථ රියදුරෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව බ්‍රිඩ්වෙල් වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකු පසුපසින්

බගවන්තලාව නගරයේ සිට අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක් සිසුවා යටකර තුවාල සිදු කර පලා ගොස් තිබේ.

ඒ අනුව ඊයේ(15) දිනයේ දී බගවන්තලාව පොලීසිය විසින් ආදාල ත්‍රීරෝද රථය සහ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරෙන් තුවාල ලැබු පාසල් සිසුවා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු බරපතළ තත්ත්වයෙන් දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථ රියදුරා අද(16) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලීසිය පවසයි.

Related posts

ඩීසල් අඩුවීම මත බස් ගාස්තුව වෙනස් වෙයි

Mohamed Dilsad

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Covid 19 අරමුදලට බැර වී ඇති මුදල රුපියල් මිලියන 420 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment