දේශීය

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙලෙස වසා තැබෙන්නේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා වූ කොටසය.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ එළඹෙන 07 වනදා රාත්‍රී 8.30 සිට 10 වනදා පෙරවරු 06.00 දක්වා එම කොටස වසා තැබෙන බවය.

මෙම කාලය තුළදී කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ කොස්ගම දක්වා පමණි.

කොස්ගම සහ අවිස්සාවේල්ල දුම්රිය මාර්ග කොටසේ ඇති පාලමක් අලුත්වැඩියා කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගය වසා තැබෙනු ඇත.

Related posts

20ට එරෙහි පෙත්සම අද සලකා බැලේ

Mohamed Dilsad

අයි.එම්.එෆ් මීළඟ වාරිකය ගැන තීන්දුව දෙසැම්බර් 15 වෙනිදා

Editor O

ජනාධිපතිවරණ සමයේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න – රාජ්‍ය ආරක්ෂක ඇමතිගෙන් උපදෙස්-

Editor O

Leave a Comment