Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණ සමයේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න – රාජ්‍ය ආරක්ෂක ඇමතිගෙන් උපදෙස්-

(UTV | කොළඹ) -‍

ජනාධිපතිවරණ  කාලය තුළ ජනාධිපති අපේක්ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ථ රටේම ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබාදී දුන්නේය.

මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන ප්‍රධානීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂාවන පරිදි මෙම සියලු කටයුතු සිදුකරන ලෙසද අමාත්‍යවරයා අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලාසිටි බව සඳහන්.

Related posts

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05ක් විවෘත වේ

Mohamed Dilsad

ஆசிரியரால் தாக்கப்பட்ட மாணவரின் பரிதாப நிலை…

Mohamed Dilsad

“Charges against Champika has no legal basis” – Ven.Omalpe Sobitha

Mohamed Dilsad

Leave a Comment