දේශීය

Covid 19 අරමුදලට බැර වී ඇති මුදල රුපියල් මිලියන 420 ඉක්මවයි

(UTV | කොළඹ) –   අද (07) පස්වරුව වන විට COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 420 ඉක්මවා ගොස් තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවයේ නියුතු එක්දහස් දෙසීය දෙනෙකු ස්වේච්ඡාවෙන් පිරිනැමූ රුපියල් කෝටියක මුදලක් අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් අද (07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත භාර දෙනු ලැබිණ.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ අරමුදලෙන් රුපියල් කෝටි 05 ක් ද වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මෙම අරමුදලට පරිත්‍යාග කළේය.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරෙනු ඇත.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැනගත හැක.

Related posts

දීපවාලී උත්සවය වෙනුවෙන් ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභාශිංසන

Mohamed Dilsad

අනුර දිසානායක ජනාධිපතිවීමෙන් පසු රුපියල් මිලියන 347,500ක ණය අරන්

Editor O

කොළඹ වරායේ බහාලූම් රැගෙන යාමට දුන් සහන කාලය අවසන් වේ

Mohamed Dilsad

Leave a Comment