ක්‍රීඩා

ක්‍රිකට් තරඟ විකාශන අයිතිය ගැන අද ඩුබායි හිදී සාකච්ඡා

(UTV |ඩුබායි) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන ක්‍රිකට් තරග විකාශන අයිතිය වෙනුවෙන් ගිවිසුම්ගත වීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වේ.

ඒ ඩුබායිහිදී.

මෙම සාකච්ඡාව ලබන 18දා දක්වා පැවැත්වෙන බව වාර්තාවේ.

මේ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන්ද සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් 05 දෙනෙකුද ඊට සහභාගි වේ.

ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, උපසභාපති රවීන් වික්‍රමරත්න, ලේකම් මොහාන් ද සිල්වා, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහභාගි වන බව වාර්තාවේ.

ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ එම නිලධාරීන්ගෙන් ඇතැම් නිලධාරීන් පසුගියදා (10දා) ශ්‍රී ලංකාව පරාජයට පත්වූ තෙවැනි විස්සයි20 තරගය නැරඹීමට ගොස් අනතුරුව ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

Related posts

2021 T20 ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

Mohamed Dilsad

ජාත්‍යන්තර 20-20 තරඟවල පැතුම් නිශ්ශංක තෙවෙනි තැනට

Editor O

ක්‍රිස් ගේල්ට වන්දියක්

Mohamed Dilsad

Leave a Comment