දේශීයව්‍යාපාරික

ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් ජපානයේ සහය

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා සඳහන් කරයි.

මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා සහ කලාපීය පුනරුදය පිළිබඳ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (13) පැවති හමුවේදීයි.

යමමොතෝ මහතා මෙහිදී සඳහන්කර සිටියේ වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු වී ඇති බවත් ආර්ථිකය ද ගොඩනැගෙමින් පවතින බවත්ය.

එවන් පසුබිමක ජපන් ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සුබදායී පරිසරයක් ගොඩනැගී ඇතැයිද ඔහු පැවසීය.

ආරක්ෂාව, යටිතල පහසුකම්, කර්මාන්ත සහ වෙනත් බොහෝ ක්ෂේත්‍ර පිළිබඳව ජපානය ප්‍රවීණත්වයක් උසුළන බවත් එම අත්දැකීම් සමග ශ්‍රී ලංකාවේ ගමන් මගට අත්වැලක් සැපයීමට ජපානයට හැකි බවත් ජපාන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

2015 ට පෙර මෙරට පැවති 7% ක ආර්ථික වර්ධන වේගය බිඳ වැටී ඇති ආකාරය ජනාධිපතිවරයා මෙහිදී යමමොතෝ මහතාට පැහැදිළි කර දුන්නේය. එය ගොඩනැගීම තමා ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක් බව ද ජනපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Related posts

Aeroflot ගුවන් යානයේ අවුල : රුසියානු රජයෙන් ශ්‍රී ලංකා තානාපතිනියට විරෝධය

Mohamed Dilsad

ආපදාවට පත් ප්‍රදේශවලට අදාළ ගැසට් නිවේදනයක්

Editor O

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

Mohamed Dilsad

Leave a Comment