ක්‍රීඩා

2021 T20 ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

(UTV |  ඩුබායි) – 2021 පන්දුවාර 20 ලෝක කුසලානය ජය ගැනීමට ප්‍රබල ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ ඩුබායි හිදී පැවති අවසාන මහා තරගයෙන් නවසීලන්තයට එරෙහිව කඩුලු 08 ක ජයක් වාර්තා කරමින්.

කාසියේ වාසිය දිනාගත් ඔස්ටේ්‍රලියාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට පිරිනැමුවා.

ඒ අනුව නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 172 ක්.

නායක කේන් විලියම්සන් 85 යි.

ජොෂ් හේසල්වුඩ් ළකුණු 16 කට කඩුලු 03 ක් දවා ගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකල ඔස්ටේ්‍රලියාව පන්දුවාර 18 යි පන්දු 05 කදී කඩුලු 02 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත්වුණා.

මිෂෙල් මාර්ෂ් නොදැවී 77 යි.

ඩේවිඩ් වෝනර් පන්දු 38 කදී ළකුණු 53 ක් රැස්කලා.

ටෝරන්ට් බෝල්ට් ළකුණු 18 කට කඩුලු 02 යි.

ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 ලෝක කුසලානයක් ජයගත් පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.

 

Related posts

T20 ලෝක කුසලාන තරගයට සිංහයන් දිවයිනෙන් පිටත්ව යයි

Mohamed Dilsad

යුපුන්ගේ තීරණාත්මක දිනය අදයි

Mohamed Dilsad

ආරාධිත ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිත නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment