දේශීය

ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 30ක සිර දඬුවම්

(UTV | කොළඹ) – බාල වයස්කාර පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම ඇතුලු චෝදනා තුනකට වරදකරු වූ පුද්ගලයෙකුට අද (13) බරපතල වැඩ සහිත වසර 30 ක සිර දඬුවමක් නියම කළේය.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් හම්වට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තවද විනිසුරුවරයා නියෝග කළේ එමෙන්ම මොහුට රුපියල් 30,000 ක දඩ මුදලක්ද නියම කළ අතර අපයෝජනයට ලක්වූ පිරිමි දරුවාට රුපියල් ලක්ෂ 6 ක වන්දියක් ගෙවන ලෙසයි.

එම වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර 6 ක සිර දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

මෙලෙස දඬුවම් නියම වූයේ කිරුළපන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් වේ.

2013 වසරේ නොවැම්බර් මස සිට වසරකට ආසන්න කාලයක් මොහු මෙම පිරිමි දරුවා බරපතල ලිංගික අපයෝජනයට ලක් කර තිබුණි.

 

 

Related posts

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වසා දමයි

Editor O

කසළ ප්‍රවාහනය කිරීමට චීනයෙන් දුම්රිය එන්ජින් [PHOTOS]

Mohamed Dilsad

ජාතික සභා යෝජනා විවාදය අද

Mohamed Dilsad

Leave a Comment