දේශීය

ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 30ක සිර දඬුවම්

(UTV | කොළඹ) – බාල වයස්කාර පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම ඇතුලු චෝදනා තුනකට වරදකරු වූ පුද්ගලයෙකුට අද (13) බරපතල වැඩ සහිත වසර 30 ක සිර දඬුවමක් නියම කළේය.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් හම්වට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තවද විනිසුරුවරයා නියෝග කළේ එමෙන්ම මොහුට රුපියල් 30,000 ක දඩ මුදලක්ද නියම කළ අතර අපයෝජනයට ලක්වූ පිරිමි දරුවාට රුපියල් ලක්ෂ 6 ක වන්දියක් ගෙවන ලෙසයි.

එම වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර 6 ක සිර දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

මෙලෙස දඬුවම් නියම වූයේ කිරුළපන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් වේ.

2013 වසරේ නොවැම්බර් මස සිට වසරකට ආසන්න කාලයක් මොහු මෙම පිරිමි දරුවා බරපතල ලිංගික අපයෝජනයට ලක් කර තිබුණි.

 

 

Related posts

18 වංගුව ප්‍රදේශයට ගස් සහ ගල් පෙරළීමෙන් ධාවනයට බාධා

Mohamed Dilsad

බස්නාහිර අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

Mohamed Dilsad

ඉදිරි දෙසතිය සියලු උත්සව තහනම් [ RELEASE]

Mohamed Dilsad

Leave a Comment