විදෙස්

සුලෙයිමානිගේ අවමංගල්‍යයේදී තෙරපී මියගිය පිරිස ඉහළට

(UTV | ඉරානය) – ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවයේ සිදුවූ තෙරපීමෙන් මියගිය පිරිස 50 දක්වා ඉහළ ගොස් ඉන් තුවාල ලැබූ පිරිස 200 ඉක්මවා තිබේ.

මෙම අවස්ථාව සඳහා ඉරාන වැසියන් මිලියන ගණනක් සහභාගී වී තිබූ අතර , ඔවුන් අමෙරිකානු විරෝධී වැකි පවසමින් වීථිපුරා ගමන්කර තිබේ.

මෙම සිදුවීම මුල්කරගෙන හමුදා ප්‍රධානියාගේ අවසන් කටයුතු යළි දැනුම්දෙන තුරු කල්දැමීමට බලධාරීන් පියවර ගත්තේය.

ඔවුන් පවසන්නේ සොලෙයිමානිගේ ආධාරකරුවන් විශාල පිරිසක් මියයාම කරුණු කොටගෙන හදිසියේ අවමංගල චාරිත්‍ර ඉටුකිරීම නුසුදුසු ලෙසින් සලකා මෙම පියවර ගත් බවයි.

මිට අමතරව ඉරාකයේ ඇමරිකානු කදවුරු දෙකකට ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර 12 කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

කරුනානිධි රෝහලේ

Mohamed Dilsad

ඉන්දීය අග්‍රාමාත්‍ය ජුනි මාසයේදී මෙරට සංචාරයකට

Mohamed Dilsad

ඇමරිකාවෙන් යළිත් වාර්තාගත ආසාදිතයන් පිරිසක් හමුවේ

Mohamed Dilsad

Leave a Comment