විදෙස්

ඇමරිකාවෙන් යළිත් වාර්තාගත ආසාදිතයන් පිරිසක් හමුවේ

(UTV | කොවිඩ් 19) – ඇමරිකාවෙන් නැවත වරක් එක් දිනක් තුළ වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුවී තිබේ.

ගතවු පැය 24 ඇතුළත ඇමරිකාවෙන් ආසාදිතයින් 77,638 දෙනෙකු හමුවූ බව විදෙස් මාධ්‍ය පැවසීය.

අදාළ කාලය තුළ මරණ 927 ක්ද වාර්තා වී ඇත.

ඇමරිකාවේ සමස්ත ආසාදිතයින් ගණන මේ වන විට 37 ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර , මරණ සංඛ්‍යාව 142,065 ක් ලෙසට වාර්තා වී ඇත.

ලොවපුරා සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන් ගණන මේ වනවිට එක්කෝටි හතලිස් එක්ලක්ෂ හැත්තෑ හතර දහස ඉක්මවා තිබේ.

ගතවූ පැය විසිහතරේදී වැඩිම මරණ සංඛ්‍යාව 1110 ක් ලෙස වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.

Related posts

පිපිරිමකින් පුද්ගලයින් 06 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඕකී ඉන්දියාවට ඇතුළු වෙයි. තමිල්නාඩුවට දැඩි බලපෑම්

Mohamed Dilsad

ඉන්දියානු ප්‍රහාරක ගුවන් යානා පකිස්ථාන ත්‍රස්ත කඳවුරකට ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment