විදෙස්

ඕකී ඉන්දියාවට ඇතුළු වෙයි. තමිල්නාඩුවට දැඩි බලපෑම්

(UTV|ඉන්දියාව) – ඔකී සුළි සුළං තත්ත්වය දකුණු ඉන්දියාවට ඇතුළු වීමත් සමඟ කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවල වෙරළාසන්න ප්‍රදේශවලට විශාල හානියක් සිදුව ඇති බව වාර්තාවේ.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ මේ වන විට පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, ධීවර බෝට්ටු 50 ක් සහ ධීවරයින් 90 කට වැඩි සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බවයි.

කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්ත හරහා එය ලක්ෂද්වීප් දිවයින වෙත ගමන් කරන බව ඉන්දීය කාලගුණ අංශ පවසයි.

සුළි සුළඟ හේතුවෙන් ප්‍රාන්ත දෙකේ දිස්ත්‍රික්ක 7 ක පාසල් වසා දමා ඇති අතර, තමිල්නාඩුවේ කන්‍යාකුමාරි සහ තූත්තුකුඩි දිස්ත්‍රික්කවල දැවැන්ත ගස් 500 ක් පමණ කඩා වැටී ඇති අතර, විදුලි මාර්ග වලට ද හානි සිදුව ඇති බව වාර්තාවේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

චීනයේ සංචාරක තහනම දීර්ඝ වෙයි

Mohamed Dilsad

සුළි කුණාටුවකින් පිලිපීනයට දැඩි බලපෑම්

Mohamed Dilsad

ලූනා නව වසර සැමරීමට චීනය සුදානම්

Mohamed Dilsad

Leave a Comment