විදෙස්

ලූනා නව වසර සැමරීමට චීනය සුදානම්

(උදයම්, චීනය) – ලොව විශාලතම සංස්කෘතික සැණකෙළිය ලෙස සැලකෙන චීන ලූනා නව වසර මෙම සති අන්තයේ උදා වීමට නියමිතයි.

මෙවර චීන ලූනා නව වසර සැලකෙන්නේ කුකුළාගේ වර්ෂය ලෙසයි.

ජනවාරි 28 වන සෙනසුරාදා ලූනා නව වසර ආරම්භ වන අතර, ඒ වෙනුවෙන් මිලියන සංඛ්‍යාත චීන ජාතිකයන් සිය ගම්බිම් බලා යාමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එය ලොව විශාලතම මිනිස් සංක්‍රමණය ලෙස ද සැලකේ.

මෙලෙස මහාමාර්ග සහ දුම්රිය මාර්ග ඔස්සේ මෙන්ම ගුවන් මගින් සංචාර කෝටි 250ක් පමණ සිදුවනු ඇතැයි අපේක්ෂිතය.

 

Related posts

ඇමරිකාවේ වෙසෙන ඉන්දුනීසියනුවන්ට අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

කොරෝනා මරණ සීග්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

හොංකොං විරෝධතාවට කැරී ලෑම් හිස නමයි

Mohamed Dilsad

Leave a Comment