විදෙස්

බැග්ඩෑඩ් අගනුවර බෝම්බ පිපිරීමකින් 25ක් මරුට

ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩ් හි වෙළෙපොලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ප්‍රහාරයේ වගකීම අයි.එස් ත්‍රස්ත කණ්ඩායම විසින් භාරගෙන ඇති බව වාර්තා වේ.

බැග්ඩෑඩ් හි මාස 06ක කාලයකට පසු සිදු වූ දරුණුතම ප්‍රහාරය මෙය බව සඳහන්ය.

ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සූදානම් වෙමින් පවතින අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

Related posts

චීනය කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 350 ක් පරිත්‍යාග කර අවසන්

Mohamed Dilsad

බී2 ප‍්‍රහාරයෙන් ඉරාන බලාගාර විනාශ වී නෑ

Editor O

අන්තර්ජාලය කැළඹූ Top G හෙවත් Andrew Tate අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment