විදෙස්

අන්තර්ජාලය කැළඹූ Top G හෙවත් Andrew Tate අත්අඩංගුවට

සමාජ මාධ්‍ය තුළ හා අන්තර්ජාලය තුළ මතභේදාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකු වන ඇන්ඩෲ ටෙට් රුමේනියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ මිනිස් ජාවාරම්, සංවිධානාත්මක අපරාධ සිදුකිරීම, තරුණියන්ව බලහත්හකාරයෙන් අසැබි දර්ශන සඳහා යොදා ගැනීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ.

 

රුමේනියාවේ අගනුවර සිය සහෝදරයා සමඟ නැවතී සිටිය දී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

 

පසුගිය දිනවල දී මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර ද ඔහු ප්‍රසිද්ධියක් උසුලා ගෙන සිටියා.

 

සුප්‍රසිද්ධ අන්තර්ජාල ගුරුවරයා ලෙස ඔහු‍ගේ ප්‍රකාශය මෙලෙස තරුණ ප්‍රජාව අතර පසුගිය දිනවලදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වුණා.

Related posts

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් පිරිස චීනයත් ඉක්මවා යයි

Mohamed Dilsad

ජනපති ධූරයෙන් නික්මීමට පෙර ට්‍රම්ප් 5 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කරයි

Mohamed Dilsad

ජී හත සදහා ලෝකයේ ප්‍රබලයින් ප්‍රංශයට

Mohamed Dilsad

Leave a Comment