විදෙස්

ජී හත සදහා ලෝකයේ ප්‍රබලයින් ප්‍රංශයට

(UTV | කොළඹ) – ජී හත සමුළුව සඳහා ලෝක නායකයින් ප්‍රංශයේ බියරිට්ස් නගරයට රැස්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙවර G7 සමුළුවේ සත්කාරක රට වන්නේ ප්‍රංශයයි.

මෙම සමුළුවේදී බ්‍රිතාන්‍යයේ නව අගමැති බොරිස් ජොන්සන්, ජනපති ට්‍රම්ප් සමඟ යළි සාකච්ඡාවක නිරතවීමට නියමිතව ඇත.

අද සිට ඔවුන් ගෝලීය ආර්ථිකය සහ කාලගුණ වෙනස ඇතුලු විෂයන් පිළිබඳව පුළුල් සංවාදයක නිරතවනු ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ධනවාදී රටවල නායක සමුළුවට එරෙහි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ප්‍රංශ පොලීසිය විසින් ඊයේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Related posts

ශෂී වීරවංශගේ නඩුව යළි විභාග කිරීමට සුදානම්

Mohamed Dilsad

යුක්‍රේනය ගැන රුසියාව කළ ඉල්ලීම අමෙරිකාව ඉවත දමයි

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයේ දිවුරුම් දීම හෙට

Editor O

Leave a Comment