විදෙස්

යුක්‍රේනය ගැන රුසියාව කළ ඉල්ලීම අමෙරිකාව ඉවත දමයි

(UTV |  වොෂින්ටන්) – යුක්‍රේනය නේටෝ සංවිධානයට එක් කර නොගන්නා ලෙස රුසියාව කළ ඉල්ලීම අමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් යුක්‍රේන අර්බුදය විසඳීම සඳහා රුසියාවේ ඉල්ලීම්වලට විධිමත් ප්‍රතිචාරයක් ලබා දෙමින් මේ බව සඳහන් කළ බව ය.

සහනයක් ලබා නොදුන්න ද එම අර්බුදය විසඳීම සඳහා තමන් රාජ්‍යතාන්ත්‍රික මගක් රුසියාවට පෙන්වා දෙන බව ත් රුසියාව එය තෝරා ගත යුතු බව ත් ඔහු සඳහන් කර ඇත.

රුසියානු ඇමතිවරයෙකු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ, බ්ලින්කන්ගේ ප්‍රතිචාරය පිළිබඳව තම රට අධ්‍යයනය කර බව ය.

නේටෝ හමුදා සන්ධානයේ ව්‍යාප්තිය සහ ඊට අදාළ ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් රුසියාව ලිඛිත ලැයිස්තුවක් නිකුත් කර තිබුණු අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යුක්‍රේනය සහ වෙනත් අය එම සන්ධානයට එක්වීමේ හැකියාව වළක්වන ලෙස නේටෝවට කළ ඉල්ලීමක් ද ඒ අතර වූ බව ය.

ගත වුණු සති කිහිපය තුළ රුසියාව යුක්‍රේන දේශ සීමාවේ විශාල භට සංඛ්‍යාවක් රැස් කරමින් සිට ඇති අතර බටහිර රටවල් එය ආක්‍රමණයක් සඳහා සූදානමක් ලෙස ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, රුසියාව එය ප්‍රතික්ෂේප කර ඇත.

Related posts

පාකිස්තාන මහ මැතිවරණය නොවැම්බරයේ ?

Mohamed Dilsad

බස් අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඇමරිකාවේ සමූල ඝාතන ඉහළට

Mohamed Dilsad

Leave a Comment