විදෙස්

සුලෙයිමානිගේ අවමංගල්‍යයේදී තෙරපී මියගිය පිරිස ඉහළට

(UTV | ඉරානය) – ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවයේ සිදුවූ තෙරපීමෙන් මියගිය පිරිස 50 දක්වා ඉහළ ගොස් ඉන් තුවාල ලැබූ පිරිස 200 ඉක්මවා තිබේ.

මෙම අවස්ථාව සඳහා ඉරාන වැසියන් මිලියන ගණනක් සහභාගී වී තිබූ අතර , ඔවුන් අමෙරිකානු විරෝධී වැකි පවසමින් වීථිපුරා ගමන්කර තිබේ.

මෙම සිදුවීම මුල්කරගෙන හමුදා ප්‍රධානියාගේ අවසන් කටයුතු යළි දැනුම්දෙන තුරු කල්දැමීමට බලධාරීන් පියවර ගත්තේය.

ඔවුන් පවසන්නේ සොලෙයිමානිගේ ආධාරකරුවන් විශාල පිරිසක් මියයාම කරුණු කොටගෙන හදිසියේ අවමංගල චාරිත්‍ර ඉටුකිරීම නුසුදුසු ලෙසින් සලකා මෙම පියවර ගත් බවයි.

මිට අමතරව ඉරාකයේ ඇමරිකානු කදවුරු දෙකකට ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර 12 කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

දිවුරුම් දී පළමු දින 100 තුළ කොවිඞ් එන්නත් මිලියන 100 ක්

Mohamed Dilsad

බ්‍රසල්ස් වෙඩික්කරු මරුට

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ පළමු විවාහයේ බිරිඳ ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment