විදෙස්

ට්‍රම්ප් – පුටින් සාකච්ඡා සාර්ථකයි

(UTV|ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවති ඓතිහාසික හමුව සාර්ථක බව ඇමරිකානු උප ජනාධිපති මයික් පවසයි.

ඔහු ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර ඇත.

ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවරදී මෙම හමුව පැවැත්වුණි.

මෙම හමුව පැය 2කට ආසන්න කාලයක් පැවති අතර 2016 ඇමරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රුසියාවට එල්ල වන චෝදනා, රාජ්‍ය නායකයින් දෙදෙනා විසින්ම මෙහිදී ප්‍රතික්ෂේප කර තිබේ.

දෙරට අතර පවතින මිත්‍රත්වය සහ සබඳතා පළුඳු නොවී තබා ගැනීම දෙපාර්ශවයේම වගකීම බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රසීලයේ ජනාධිපතිටත් කොරෝනා

Mohamed Dilsad

හමුදා පාලනයෙන් මිදී ඉන්දියාවට පළා එන මියන්මාර සරණාගතයන් ගණන ඉහළට

Mohamed Dilsad

සිංගප්පූරු – ඔස්ට්‍රේලියාව සංචාරක බුබුළ ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment