විදෙස්

සිංගප්පූරු – ඔස්ට්‍රේලියාව සංචාරක බුබුළ ලබන සතියේ

(UTV |  ඔස්ට්‍රේලියාව) – සිංගප්පූරුව සමග සංචාරක බුබුළක් ඇති කරගැනීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

ඊට අදාළ තොරතුරු ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කළේ.

මේ අනුව ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර හිමිවන දෙවන පුරවැසියන් බවට සිංගප්පූරු ජාතිකයන් පත්වනු ඇති.

දැනට නවසීලන්ත ජාතිකයන්ට පමණක් ඔස්ට්‍රේලියාවට නිදහසේ පැමිණිමට අවසර පවතිනවා.

ලබන මාසයේදී දේශ සීමා විවෘත කිරීමේ ඔස්ට්‍රේලියාව රජයේ සැළසුමේ එක් අධියරක් ලෙසයි සිංගප්පූරුව සමග මෙම සංචාරක බුබුළ ඇති කර ගැනෙන්නේ.

මේ යටතේ ශිෂ්‍ය සහ රැකියා වීසා සහිත සිංගප්පූරු ජාතිකයන්ටද ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව උදාවනු ඇති.

Related posts

මාරාන්තික කොරෝනා වෛරසය ජීවිත 425 ක් බිලිගනී

Mohamed Dilsad

කොරෝනා වලට බොලිවුඩ් තරු දෙකක් ගොදුරු වෙයි

Mohamed Dilsad

ගුවන් අනතුරකින් පහක් මිය යයි

Editor O

Leave a Comment