විදෙස්

කාසෙම් සුලෙයිමානිගේ අවසන් කටයුතු හෙටයි

(UTV | ඉරානය) – අමෙරිකානු හමුදා විසින් ඝාතනය කල ඉරාන හමුදා නායක කාසෙම් සුලෙයිමානි ඇතුළු පිරිසගේ අවසන් කටයුතු හෙට (07) සිදු කිරීමට නියමිතයි.

ජනරාල් සුලෙයිමානිගේ දේහය වෙනුවෙන් ඉරානයේ නායක අයතුල්ලා කමෙයිනි අද (06) ටෙහෙරාන් සරසවි භූමියේ දී යාඥාවට සහභාගී වීමට නියමිත අතර ඔහුගේ මළසිරුර ඉරානයට රැගෙනවිත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඝාතනයට ලක්වූ ඉරාන හමුදා නායකයාගේ දේහය (Ahvaz) නගරයට ළඟාවෙද්දී කළු පැහැති ඇඳුමින් සැරසුණ දහස් සංඛ්‍යාත පිරිස් නගරයේ වීදිවල ඒකරාශීව අමෙරිකාවට මරණය ප්‍රාර්ථනා කර තිබුණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ජනරාල් සුලේය්මානිගේ දේහය ඇතුළත් ඇසුරුම ඉරානයේ ජාතික ධජයෙන් ආවරණය කර ඇති බවයි.

Related posts

ඇමරිකානු ජනපතිවරණ විවාද සටනින් ජෝ බිඩ්න්ට ජය

Mohamed Dilsad

කරුනානිධි රෝහලේ

Mohamed Dilsad

මහමැතිවරණයකට බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment