ක්‍රීඩා

පළමු තරඟය නැවැත්වීම සැමගේ කනස්සල්ලට

(UTV | ඉන්දියාව) -ඊයේ (06) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පළමු පන්දුවාර 20 යි 20 තරඟය අත්හැර දැමීමට සිදුවිය.

තරඟය පැවැත්වීමට තිබූ ඉන්දියාවේ ගුවාටි කී‍්‍රඩාංගනයට වර්ෂාව ඇදහැලීමෙන් ආවරණවලට යටින් තණතීරුවට වැහිදිය කාන්දුවී තිබීමෙන් මෙය සිදුවූ බවට වාර්තා වේ.

අවස්ථා කිහිපයකදී පන්දුවාර සංඛ්‍යාව අඩුකර හෝ තරඟය පැවැත්වීමට සැලසුම් කෙරුණ ද අවසානයේ එම සියලූ සැලසුම් ව්‍යර්ථ වූ අතර තරඟය නැරඹීමට ගුවාටි කී‍්‍රඩාංගණයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත පේ‍්‍රකෂකයින්ගේ බලාපොරොත්තු සුන්වී ගියේය.

මෙය පාසල් දරුවෙකුගේ මට්ටමේ අතපසුවීමක් බව තරඟයේ රූපවාහිනී විස්තර විචාරකයෙකු ලෙසින් කටයුතු කළ ඉන්දීය පිලේ හිටපු ආරම්භක පිතිකරු ආකාශ් චොප්රාගේ අදහස වූ අතර මෙවැනි වෘත්තිය මට්ටමේ තත්ත්වයකදී තණතීරු ආවරණවලට යටින් වැසිදිය කාන්දුවක් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වර්ෂාව හේතුවෙන් 2020 වසරේ පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරඟය සම්පූර්ණයෙන්ම අත්හැර දැමූ පළමු අවස්ථාව මෙය වේ.

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර දෙවන පන්දුවාර 20 යි 20 තරඟය හෙට (07) පැවැත්වීමට නියමිතයි.

Related posts

කොරෝනා සටනට සන්රයිසස් හිමිකරුවන්ගෙන් කෝටි 30 ක්

Mohamed Dilsad

ලාරා මුරලි ගැන කියූ කතාව..

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නවතම ශාරීරික යෝජ්‍යතා සහතිකය මෙන්න

Mohamed Dilsad

Leave a Comment