විදෙස්

බැග්ඩෑඩ් ප්‍රහාරයෙන් ඉරාන ජෙනරාල් කසෙම් සුලෙයිමානි මියයයි

(UTV | ඉරාකය) – ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මියගිය පුද්ගලයන් අතර ඉහළ පෙළේ හමුදා නිලධාරියෙකු වන ඉරාන ජෙනරාල් කසෙම් සුලෙයිමානිද මියගිය බවයි.

මෙම මිසයිල ප්‍රහාරය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එල්ල කර ඇති බවට වාර්තා පල වෙයි.

එය බැග්ඩෑඩ් ගුවන් තොටුපළ සහ ඉරාන ජෙනරාල්වරයා ඉලක්ක කරගෙනම එල්ල වූවක් බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් කළේය.

තවද ඉරාන වැසියන් කසෙම් සොලෙයිමනීගේ මරණය වීදිවල සමරමින් සිටන බවද විදෙස් මාධ්‍ය වාර්තා පළ කර තිබේ 

සිරියාවේ සහ ලොව පුරා දහස් ගණනකගේ මරණයට වගකිව යුතු කසෙම් සොලෙයිමනී ඇමරිකානු සොල්දාදුවන් සිය ගණනකගේ මරණයට වගකිව යුතු බවද සඳහන්.

Related posts

“ලෝක ස්ථාවරත්වයට චීනය හා ඇමරිකාව එක විය යුතුයි”චීන ජනපති කියයි

Mohamed Dilsad

චන්ද්‍රයාන් – 02 පිලිබඳ ඉන්දියාව තවමත් අවධානයෙන්

Mohamed Dilsad

ලොව විශාලතම ගුවන්තොටුපලේ විදුලිය විසන්ධි වීමෙන් මගීන් දැඩි අපහසුතාවයට

Mohamed Dilsad

Leave a Comment