දේශීය

හපුතලේ නගරයට කඩා වැටුනු යානය ගුවන් හමුදා යානයක් – 4 ක් මරුට [PHOTOS]

(UTV| හපුතලය) –  අද පෙරවරුවේ හපුතලේ නගරයට කඩාවැටී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ආවේක්ෂණ ගුවන් යානයක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කර තිබේ.

යානයේ ගමන්ගත් ගුවන් හමුදා සෙබලුන් 04 දෙනෙකු මියගොස් ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා කියා සිටියේය.

පෙරවරු 09. 15 ට පමණ මෙලෙස කඩා වැටීමකට ලක්ව තිබුනේ වීරවිල නගරයෙන් පියාසැරිය ආරම්භ කළ ආවේක්ෂණ ගුවන් යානයක්.

එය කඩා වැටීමත් සමග ගිනිගෙන ඇති අතර , ගුවන් යානය කඩා වැටීම හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ පදිංචිකාරිනියකටද තුවාල සිදුවී ඇයව හපුතලේ රෝහලට ඇතුලත් කර තිබේ.

Related posts

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය රතන හිමිට

Mohamed Dilsad

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ධීවර, නාවික කටයුතුවල නිරත වීමේදී අවධානයෙන් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

Leave a Comment