දේශීය

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඉල්ලා අස්වී ඇත.

ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට එම ඉවත්වීම බලාත්මක වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඇය විසින් එවා තිබූ ඉල්ලා අස්වීමේ ලිපියේ දැක්වෙයි.

පසුගිය කාලය තුළ ලොව අනෙකුත් මානව හිමිකම් කොමිෂන් සභා අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉහල තත්ත්වයකටද පත්වීම ද සිදුවූ බවත් ඒ සදහා දීපිකා උඩගම මහත්මිය විසින් ඉටුකළ කාර්යභාරය සුවිශේෂි බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති 8 වන පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 82 වන රැස්වීම ඊයේ (03) පස්වරුවේ පවත්වනු ලැබීය.

 

Related posts

ගිණි නිවීමේ සහ මුදවා ගැනීමේ යාත්‍රාවක් ලංකාවෙන් [PHOTOS]

Mohamed Dilsad

කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අතුරුගිරිය පොලීසියේ තුනකට ස්ථාන මාරු

Editor O

සුද්දගේ කාලයේවත් ලුණු හිඟවුණේ නැහැ : රටට අවශ්‍ය ලුණු සපයන්නවත් වත්මන් ආණ්ඩුවට බැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

Editor O

Leave a Comment