දේශීය

ධීවර, නාවික කටයුතුවල නිරත වීමේදී අවධානයෙන් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

(UTV | කොළඹ) – වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනයවීම හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවල නිරතවීමේදී අවධානයෙන් පසු වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් එම ප්‍රදේශයේ වර්ධනය වී බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බව එම දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ.

ඉදිරි කාලය තුළ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ මීගමුව සිට පුත්තලම හා මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් – 60ත් දක්වා ඉහළ යාමේ හැකියාව පවතියි.

Related posts

දීපාවලී දිනය අද (31) යි

Editor O

අසේල සම්පත් CID අත්අඩංගුවට

Mohamed Dilsad

දයාසිරි ජයසේකරට අධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment