දේශීයප්‍රමුඛ පුවත 1

ජනපති පාර්ලිමේන්තු සංකීර්ණයට සම්ප්‍රාප්ත වෙයි[VIDEO]

(UTV | කොළඹ) – අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද ( 03) පෙ.ව 10.00 ට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

පෙ.ව 09 .00 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමඟ පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදුවිය.

අනතුරුව කථානායක කරූ ජයසූරිය මහතාගේ පැමිණීමෙන් පසු,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණුනු අතර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍යි.

ජනාධිපතිතුමා මංගල රැස්වීමේ මුලසුන ගැනීමෙන් අනතුරුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ද එතුමා විසින් සිදු කෙරේ.

කෙසේ වෙතත් අද පැවැත්වීමට නියමිතව තිබූ උත්මාචාර වැඩසටහන් රැසක් ජනපති නියමයෙන් අවලංගු කිරීම විශේෂත්වයකි.

ජනාධිපතිවරයා සතු බලතල අනුව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය වාර අවසාන කරනු ලැබුවේය.

Related posts

ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 120,000 ක් දිවයිනට

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

මට්ටක්කුලියේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment