දේශීය

රාජ්‍ය ආයතනවලට නව වාහන ගෙන්වීම සීමා කෙරේ

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරි වසර තුනක කාලයක් ගතවන තුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලූතින් වාහන මිලදී ගැනීම සීමා කරන ලෙසට ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විටත් එම උපදෙස් සියලූම අමාත්‍යාංශ වෙත සහ රාජ්‍ය ආයතන වෙත ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.

රජය විසින් මේ වනවිට අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන සතු වාහන සංචිත ගණනය කර ප්‍රතිඵලදායක ලෙස ඒවා කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයක්ද ආරම්භ කර තිබේ.

අත්‍යවශ්‍ය කරුණකට පමණක් යම් ලෙසකින් රාජ්‍ය ආයතනයකට නව වාහනයක් අවශ්‍ය බවට යෝජනා වුවහොත් ඒ පිළිබඳව සොයා බලා එම ඉල්ලීම ඉටු කිරීමට නියමිතව ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

ලංගමයට ඉන්දියාවෙන් බස්රථ 600 ක්

Mohamed Dilsad

සුවය ලැබූ අය 34000 ඉක්මවයි

Mohamed Dilsad

ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment