ක්‍රීඩා

මාරියා ශරපෝවා යළි ටෙනිස් පිටියට

(UTV | කොළඹ) –  බ්‍රිස්බේන් විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කරන බව රුසියාවේ මාරියා ශරපෝවා අද නිවේදනය කළේය.

ඒ වයිල්ඩ් කාඩ් ක්‍රමය යටතේය.

ශරපෝවා සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් සඳහන් කළේ බ්‍රිස්බේන් ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීමට ලැබීම පිළිබඳ ඇය සතුටු වන බවයි.

සැළකියයුතු කාලයක් උරහිසේ ආබාධයකින් පසුවු රුසියාවේ මාරියා ශරපෝවා පසුගිය වසරේ ටෙනිස් තරග 15කට ක්‍රීඩා කර තිබේ.

ඒ අනුව මෙවර බ්‍රිස්බේන් ටෙනිස් තරගාවලියට වයිල්ඩ් කාඩ් ක්‍රමය යටතේ තරග වැදීමට 32 හැවිරිදි ශරපෝවා  සුදුසුකම් ලබා ගත්තේය.

බ්‍රිස්බේන් විවෘත ටෙනිස් තරගාවලිය ජනාවාරි 6 වැනිදා සිට ජනවාරි 12 වැනිදා දක්වා පැවැත්විමට නියමිතය.

Related posts

LPL වෙන්දේසියටත් පෙර ෆාෆ් ඩූ ප්ලෙසිස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

Mohamed Dilsad

ස්කොට්ලන්ත හිටපු ක්‍රීඩක මජිඩ් හක්ටත් කොරෝනා

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස් , පළමු ජයග්‍රහණය වාර්තා කරයි

Mohamed Dilsad

Leave a Comment