ක්‍රීඩා

මාරියා ශරපෝවා යළි ටෙනිස් පිටියට

(UTV | කොළඹ) –  බ්‍රිස්බේන් විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කරන බව රුසියාවේ මාරියා ශරපෝවා අද නිවේදනය කළේය.

ඒ වයිල්ඩ් කාඩ් ක්‍රමය යටතේය.

ශරපෝවා සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් සඳහන් කළේ බ්‍රිස්බේන් ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීමට ලැබීම පිළිබඳ ඇය සතුටු වන බවයි.

සැළකියයුතු කාලයක් උරහිසේ ආබාධයකින් පසුවු රුසියාවේ මාරියා ශරපෝවා පසුගිය වසරේ ටෙනිස් තරග 15කට ක්‍රීඩා කර තිබේ.

ඒ අනුව මෙවර බ්‍රිස්බේන් ටෙනිස් තරගාවලියට වයිල්ඩ් කාඩ් ක්‍රමය යටතේ තරග වැදීමට 32 හැවිරිදි ශරපෝවා  සුදුසුකම් ලබා ගත්තේය.

බ්‍රිස්බේන් විවෘත ටෙනිස් තරගාවලිය ජනාවාරි 6 වැනිදා සිට ජනවාරි 12 වැනිදා දක්වා පැවැත්විමට නියමිතය.

Related posts

වේග පන්දු යවන ජොෆ්රා ආචර්ට ටෙස්ට් තරගාවලියකින් ඉවතට

Mohamed Dilsad

පකිස්තානයේ හිටපු නායිකා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

Mohamed Dilsad

Tour-de-France පාපැදි සවාරිය කල් යයි

Mohamed Dilsad

Leave a Comment