විදෙස්

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි මැඩලන්න හමුදාවේ සහය

(UTV | කොළඹ) –  උණුසුම් කාළගුණයත් සමග ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක පැතිරෙන ලැව් ගිනි සමඟ හදිසි තත්ත්වයන් සඳහා ගුවන් හමුදා යානා මෙන්ම පාබල හමුදා සහය ලබාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 12 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

සති ගණනාවක් තිස්සේ ඇවිලෙන ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර මිලියන 4 ඉක්ම වූ වන ප්‍රදේශයක් විනාශ වී ඇති අතර , ලැව් ගිනි හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ 4000 කට අධික පිරිසක් වෙරළ ආසන්න ප්‍රදේශවලට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සති ගණනාවක් පුරාවට පැතිර යන ලැව් ගිනි හේතුවෙන් නිවාස සහ දේපළ විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම් ද වාර්තා වී තිබේ.

Related posts

බ්‍රිතාන්‍ය කැබිනට් කාර්යාලයේ අමාත්‍යවරයෙක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

හැරී-මේගන් පුවත්පත් ආයතන 2කට එරෙහිව නීතිමය පියවර ගනී

Mohamed Dilsad

සූවස් ඇලේ අර්බුදයෙන් නැව් 240 ක් මුහුද මැද සිරවෙයි

Mohamed Dilsad

Leave a Comment