ප්‍රමුඛ පුවත 1

හෙට සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට

(UTV | කොළඹ) – 2016 චක්‍රලේඛය යටතේ රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප හෙට(01) දිනයේ සිට වැඩිවීමට නියමිතයි.

මුදල් අමාත්‍යාංශය පවසන ආකාරයට ලබන ජනවාරි මාසය තුළ දී සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩිවීම ඒ ආකාරයෙන්ම සිදු වේ.

එම වැටුප් වැඩිවීමත් සමඟ 2015 වසරට සාපේක්ෂව රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට 107කින් වැඩිවන අතර අවස්ථා පහක් යටතේ 2016 චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට නියමිතව ඇත.

2016 ජනවාරි මාසයේ පළමු වැනි දින සිට අවස්ථා හතරකදී මේ වන විට රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප ඉහළ දමා තිබේ.

අදාළ චක්‍රලේඛයට අනුව ඉතිරි වැටුප් වර්ධනය හෙට දිනයේ සිට සිදුවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයෙකු පත් කෙරේ

Mohamed Dilsad

ශ්‍රීලනිපයේ ජනධිපති අපේක්‍ෂක ගැන අවසන් තීන්දුව අද

Mohamed Dilsad

වීරවංශ මහතා ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත්

Mohamed Dilsad

Leave a Comment