ප්‍රමුඛ පුවත 1

හෙට සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට

(UTV | කොළඹ) – 2016 චක්‍රලේඛය යටතේ රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප හෙට(01) දිනයේ සිට වැඩිවීමට නියමිතයි.

මුදල් අමාත්‍යාංශය පවසන ආකාරයට ලබන ජනවාරි මාසය තුළ දී සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩිවීම ඒ ආකාරයෙන්ම සිදු වේ.

එම වැටුප් වැඩිවීමත් සමඟ 2015 වසරට සාපේක්ෂව රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට 107කින් වැඩිවන අතර අවස්ථා පහක් යටතේ 2016 චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට නියමිතව ඇත.

2016 ජනවාරි මාසයේ පළමු වැනි දින සිට අවස්ථා හතරකදී මේ වන විට රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප ඉහළ දමා තිබේ.

අදාළ චක්‍රලේඛයට අනුව ඉතිරි වැටුප් වර්ධනය හෙට දිනයේ සිට සිදුවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

කෙසේල්ල්වත්තෙන් සොයාගත් හිස කොස් මල්ලීගේද?

Mohamed Dilsad

ආපදා සහන සේවා මෙහෙයුම් කටයුතු සදහා යුධ හමුදා නිළධාරින් 350 ක්

Mohamed Dilsad

Leave a Comment