දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

(UTV | කොළඹ) – මෙරටින් මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 05 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඊයේ (13) දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් තිදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

ජර්මනියේ මෑතකදී සංචාරය කර පැමිණී 41 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති අතර ඔහු මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

තවද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ පිරිසෙන් පුද්ගලයින් දෙදෙනෙකුටද මෙම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කරන ආකාරයට ඔවුන්ගෙන් 37හැවිරිදි පුද්ගලයා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 43 හැවිරිදි අනෙක් රෝගියා අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස 52 හැවිරිදි සංචාරක මඟපෙන්වන්නෙක් හදුනා ගැණුනු අතර පසුව ඔහු සමඟ සිටි තවත් අයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ ඔවුන් දෙදෙනා ද මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන ආකාරයට මේ වන විට දිවයින පුරා රෝහල් 15ක කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 64දෙනෙකු සිටියි.

Related posts

වාර්ෂික ඇසළ මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද සිට

Mohamed Dilsad

තවත් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන

Mohamed Dilsad

අද සිට ඇඳිරි නීතිය පැනවෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment