ප්‍රමුඛ පුවත 1

වාර්ෂික ඇසළ මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද සිට

(UTV| කොළඹ) – මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාද අද සිට ආරම්භ කෙරේ.

දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී, ආචාර්ය විජය සමරසිංහ මහතා පැවසුවේ අද පෙරවරු 9.50ට ධානවය වෙන විශේෂ දුම්රිය පස්වරු 1.15ට මහනුවරට ළඟා වෙන බවයි.

අද රාත්‍රි 11.45ට මහනුවරින් පිටත් වන දුම්රිය පසුදින (22) පෙරවරු 3.01 කොළඹ කොටුවට ළඟා වෙන බවද ඔහු පැවසීය.

මීට අමතරව අද දින සිට 25 වැනිදා දක්වා මහනුවරින් රාත්‍රි 11.55ට පිටත්වෙන දුම්රියක් නාවලපිටියට පසුදින පෙරවරු 1.09ට ළඟා වීමට නියමිතය.ඊට අමතරව මහනුවර සිට මාතලේ දක්වාත් මාතලේ සිට මහනුවර දක්වාත් විශේෂ දුම්රිය සේවා මෙම දින කිහිපය මුළුල්ලේම ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරගල කන්ද රක්ෂිතයේ ගින්න නිවීමට යුද හමුදාවේ සහය

Mohamed Dilsad

දිවයිනේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

මහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment