දේශීය

තවත් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන

ව්‍යාපාරිකයෙකුට ජංගම දුරකථනයෙන් කතා කර රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලූ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, පසුගිය 19 වනදා සවස් කාලයේ දී අදාළ පුද්ගලයා විසින් කප්පම් මුදල් ඉල්ලා මරණ තර්ජනය කළ බවට මුල්ලේරියාව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවය.

 

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී ඇමතුම ලබාදී ඇති පුද්ගලයාව ඊයේ (24) සවස දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී මුල්ලේරියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

කප්පම් මුදල ඉල්ලූ දුරකථනයේ සිම් කාඩ් පතද පොලිස් භාරයට ගෙන තිබේ.

 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 51ක් වූ දෙල්ගහවත්ත, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

විදෙස් රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත සැකකරු විසින් මෙලෙස කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කර ඇති බවට වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

 

මෙවැනි තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලදහොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙසත්, එවැනි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට එවිට පොලීසියට හැකියාව ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජනතාවට දැනුම්දෙයි

Related posts

ලංකාවේ ළාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

අද පාර්ලිමේන්තුව පැය 3කට රැස්වේ

Mohamed Dilsad

ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාව අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment