දේශීය

අද සිට ඇඳිරි නීතිය පැනවෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිරෝධායන නියෝග රැසක් අද (16) දිනයේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව ඇති බව පොලීසිය ජනතාවට දැනුම්දෙයි.

ඒ අනුව අද දිනයේ සිට මහජනතාව ඒකරාශී වන කිසිදු උත්සවයක්, වැඩමුළු වැනි අවස්ථා පැවත්වීමට හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර අද (16) දින රාත්‍රී 10 සිට හෙට (17) අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකය.

එය අද සිට නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම ක්‍රියාත්මක වේ.

එම කාලපරිච්චේදය තුළ මාර්ගවල ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල සාමාජිකයින්ට හා ඊට අදාළ වාහන සඳහා පමණි.

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 11 ඉක්මවයි

Mohamed Dilsad

ඔසුසැලකින් කප්පම් ඉල්ලූ තිදෙනෙක් පොලිස් දැලේ

Mohamed Dilsad

ධීවර ප්‍රජාවට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment