ප්‍රමුඛ පුවත 1

බස් රථ තුළ ඇති පැමිණිලි 1955 ට කියන්න [VIDEO]

(UTV| කොළඹ) –  පුද්ගලික බස් රථ තුළ මගී ජනතාවට පීඩාවන ලෙස අධික ශබ්දයෙන් යුතුව ගීත හා වීඩියෝ පට වාදනය ලබන 01 වැනිදා සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබාදී තිබේ.

ඒ සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි ඇත්නම් ජාතික ගමනාගමන කොමිසමේ 1955 ක්ෂණික දුරකතන අංකයට ඇමතුමක් ලබාදීමෙන් ඉදිරිපත් කළ හැක.

බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ජාතික ගමනාගමන කොමිසමට බලය හිමිවනු ඇති අතර , පුද්ගලික බස් රථ හෝ ලංගම බස් රථ මන්දගාමීව ධාවනය කරන්නේ නම් ඒ පිළිබඳව ද මගී ජනතාවට පැමිණිලි කළ හැකි බව එම කොමිසම සඳහන් කරයි.

මේ අතර ජනවාරි 01 දා සිට සියලුම බස් රථ සඳහා සුභාවිත ගීත 1000කින් සමන්විත ගීත සමුච්ඡයක් හඳුන්වා දීමට ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ජනවාරි 01 දායින් පසු මෙම ගීත පමණක් බස් රථවල වාදනය කළ හැකි වන අතර එම ගීත වාදනය කළ හැක්කේ ද මගී ජනතාවට හිංසාවන අයුරින් අධික ශබ්දයෙන් නොවේ.

මගී ජනතාවට හිංසාවක් නොවන අයුරින් එම ගීත වාදනය කළ හැකි උපරිම ඩෙසිබල් ප්‍රමාණය කොපමණ දැයි සොයා බලා ඒ සම්බන්ධව ද බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් දැනුම්වත් කරන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

ඇවන්ගාඞ් සමාගමේ සභාපති ඇතුළු 13කට අධි චෝදනා

Mohamed Dilsad

කේරළ ප්‍රාන්තයේ සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment