ප්‍රමුඛ පුවත 1

කේරළ ප්‍රාන්තයේ සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු අත්අඩංගුවට.

(UTV| කොළඹ) – මෙරට පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් නමැත්තාගේ අනුගාමිකයෙක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ එරට ජාතික බුද්ධි කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

29 හැවිරිදි මෙම සැකකරු තරුණයා මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කර තිබු බව එරට මාධ්‍ය පවසයි.

ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මොහු සහරාන් හෂීම්ගේ දේශන සහ වීඩියෝ පට අධ්‍යයනය කර ඇති අතර සිරියාවේ පුහුණුව ලැබූ අයි එස් ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු සමග සබඳතා පැවැත්වූ බවයි.

මෙම සැකකරු අද (30) කොචි නගරයේ අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වැඩි කිරීමට තීරණයක් [VIDEO]

Mohamed Dilsad

අද රාත්‍රියේ මුළු දිවයිනටම සිට නැවතත් ඇඳිරි නීතිය

Mohamed Dilsad

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය පින්නදුවට

Mohamed Dilsad

Leave a Comment