ප්‍රමුඛ පුවත 1

ඇවන්ගාඞ් සමාගමේ සභාපති ඇතුළු 13කට අධි චෝදනා

(UTV| කොළඹ) – ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුලූ විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා  විසින් අද (10) අධිචෝදනා ගොනු කර තිබේ.

ඇවන්ගාඞ් සිද්ධියට අදාළව අධි චෝදනා 7573 ක් යටතේ නීතිපති විසින් දප්පුල ද ලිවේරා මහතා කොළඹ, ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙලෙස නඩු පවරනු ලැබුවේය.

මෙම සිද්ධියට අදාළව අගවිනිසුරුවරයා විසින් නීතිපතිවරයාගේ ඉල්ලීම මත දැනටමත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

එලෙස නඩු පවරනු ලැබුවේ රත්නා ලංකා සමාගමේ සභාපතිවරයෙක් ලෙස කටයුතු කල විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු, එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙල, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් දිසානායක, එම නෞකාවේ කපිතාන් වන යුක්රේන් ජාතික ඩෙනඩි ග්‍රැබ්රෝ රැබ්ලිරෝ, රත්නා ලංකා සමාගමේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ වික්ටර් සමරවීර, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න,දොන් අල්පස් තිලකරත්න, විසුරුජිත් නන්දන ලියනගේ, නිරුපුල් ද කොස්තා, පොන්නතුරේ බාලසුබ්‍රමනියම් හේමචන්ද්‍ර යන පිරිසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අපේක්ෂකයන් 181,126 ක් සරසවියට – 71 දෙනෙකුගේ ප්‍රථීඵල අත්හිටුවයි

Mohamed Dilsad

ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිමිවූ අය සිහිකරමින් විශේෂ දිව්‍ය පූජාවක්.

Mohamed Dilsad

Leave a Comment