විදෙස්

ඇමරිකාවේ සමූල ඝාතන ඉහළට

 

(UTV | කොළඹ) – ගෙවී ගිය වසර තුළ අමෙරිකාවේ සිදු වූ සමූල ඝාතන වාර්තාගත ලෙස ඉහළ අගයක් ගන්නා බව සිදුකරන ලද අධ්‍යනයකින් හෙළි වී තිබේ.

ඇසෝසියේටඩ් ප්‍රෙස්, USA ටුඩේ මාධ්‍ය ආයතන බොස්ටන්හි පර්යේෂණ විශ්ව විද්‍යාලය සමග සිදුකළ අධ්‍යනයකින් මේ බව අනාවරණය වී ඇත.

වාර්තා වන සමූල ඝාතන 41 ක් අතුරින් 33 ක්ම ගිනි අවි සම්බන්ධ සිදුවීම් වීම විශේෂත්වයක්.

මේ වසරේ සිදු වූ බිහුසුණුම සමූල ඝාතන ලෙස වාර්තා වන්නේ මැයි මාසයේදී 12 දෙනෙකුට මරු කැඳවමින් වර්ජිනියා බීච්හි සිදු වූ සමූල ඝාතනය සහ අගෝස්තු මාසයේ පුද්ගලයින් 22 දෙනෙකුට මරු කැඳවමින් එල් පාසෝහි සිදු වූ සමූල ඝාතන ද්විත්වයයි.

අද පෙරවරුවේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ක්‍රිස්තියානි දේවස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

දේව මෙහෙයට සහභාගිවීමට පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගුවන් යානයක් කඩා වැටීමෙන් 19ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ප්‍රංශයේ ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධ පුද්ගලයා පිළිබඳ තොරතුරු රැසක් හෙළිවෙයි

Mohamed Dilsad

රුසියාවේ සාප්පු සංකීර්ණයක ගින්නකින් 48 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment