විදෙස්

ගුවන් යානයක් කඩා වැටීමෙන් 19ක් ජීවිතක්ෂයට

(UTV |  ටැන්සානියාව) – ටැන්සානියාවේ වික්ටෝරියා විලට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරෙන් මගීන් 19දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අග්‍රාමාත්‍ය කාසිම් මජලිවා පවසයි.

පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග අදාළ ගුවන්යානය බුකෝබා නගරයේ පිහිටි ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට යාමේ දී අනතුරට ලක්ව තිබුණි.

ගුවන්යානයේ සිටි මගීන් 26දෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරාගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් යානයේ මගීන් කොපමණ සිටියේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.

Related posts

රජිව් ගාන්ධි ඝාතකයන්ගේ වගකීම තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට..

Mohamed Dilsad

සිරියාව එල්ල කල ප්‍රහාරයෙන් තුර්කි භටයන් 33 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

එංගලන්ත මහ මැතිවරණයෙන් පාලක කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි මත

Mohamed Dilsad

Leave a Comment