ප්‍රමුඛ පුවත 1

නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් මුද්දරයක් සහ මුල්දින කවරයක්

(UTV | කොළඹ) –  නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් රුපියල් 45 ක් වටිනා මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු සුදානම් කර තිබේ.

ඒ ආසියාවේ විශාලතම, හීලෑ හස්තියා ලෙස හැඳින්වෙන නැදුන්ගමුවේ රාජා හස්තියා සිදුකර ඇති ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයමිනි.

මේ සඳහා වන රාජ්‍ය උත්සවය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම මස 30 වෙනි දින පෙරවරු 9 ට සිය නිවෙස්දී සිදු කිරීමට කටයුතු යොදා ඇති බව රාජා හස්තියාගේ හිමිකරු වන ගම්පහ,  නැදුන්ගමුවේ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පවසයි.

තැපැල් මුද්දරය සහ මුල්දින කවරයක් නිකුත් කිරීමේ උත්සව අවස්ථාවෙන් පසුව රාජා හස්තියාට දීර්ඝායු සහ සෙත් පතා වැලමිටියාවේ කුසලධමම නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කිරීමටද නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගම්බද ජනතාව සජිත් සමඟයි – මනූෂ නානායක්කාර [VIDEO]

Mohamed Dilsad

රන් බිස්කට් තොගයක් සමග ඉන්දීය තරුණයෙකු රේගු අත්අඩංගුවට

Mohamed Dilsad

හිටපු අගමැති දී.මු ජයරත්නට ජනපතිගේ අවසන් ගෞරවය

Mohamed Dilsad

Leave a Comment