ප්‍රමුඛ පුවත 1

වැඩි මිලට සහල් අළෙවි කරන වෙළෙඳසැල් වටලයි

(UTV | කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රි ලංකා පොලීසිය ඒකාබද්ධව පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කරන වෙළෙඳසැල් වල වැටලීම් ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සිදු කළ වැටලීම්වලදී වෙළෙඳ සැල් 1430ක් පරීක්ෂාවට ලක්වූ අතර පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කළ වෙළෙඳ සැල් 512ක් හඳුනාගත් බව පොලිසිය නිවේදනය කරයි.

හඳුනාගත් පාලන මිල කඩ කළ වෙළෙඳ සැල් 89කට නඩු පවරනු ලැබීය. කලින් දවසේ හඳුනාගත් වෙළෙඳසැල් හිමියන් දැනුවත් කොට ඔවුනට අවවාද කෙරිණි.

පාරිභෝගික අධිකාරිය පසුගියදා දේශීය සම්බා සහ නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස ගැසට් මගින් නිවේදනය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිලිනොච්චියේ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ජලයෙන් යට වෙයි[VIDEO]

Mohamed Dilsad

මැදිරිගිරියේ විද්‍යාලයකට බඹර ප්‍රහාරයක්

Mohamed Dilsad

මැදවච්චිය සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය නවතී

Mohamed Dilsad

Leave a Comment