ව්‍යාපාරික

සනීපාරක්ෂාව හා සෞඛ්‍ය පිළිබඳ කලාපීය වැඩමුළුව අද සිට

 

(UTV | කොළඹ) – දකුණු ආසියානු කලාපීය සනීපාරක්ෂාව හා සෞඛ්‍ය පිළිබඳ වේගවත් ක්‍රියාකාරී ඉගෙනීම සඳහා වූ වැඩමුළුව අද (09) ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව, ගෝල්ඩි සෑන්ඩ් හෝටලයේ දී ආරම්භ වීමට නියමිතය. 

සාර්ක් කලාපීය රටවල්වල නියෝජිතයන් හැට දෙනෙකු මේ සඳහා සහභාගීවන අතර ලබන 11 වැනිදා දක්වා මෙම වැඩමුළුව පැවැත්වෙනු ඇත.

මේ සඳහා සාමාජික රටවල නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ අදාළ විෂය පිළිබඳ වෘත්තිකයන්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ අදාළ නිලධාරීන් සහ දේශීය හා ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් සහභාගීවීමට නියමිතය.

ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන කලාපීය සනීපාරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානය සහ ලෝක ජලය හා සනීපාරක්ෂාව පිළිබඳ වූ සහයෝගීතා සංවිධානය ආධාර ඇතිව මෙම කලාපීය වැඩමුළුව සංවිධාන කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි

Mohamed Dilsad

උද්ධමනය අඩුවෙයි

Mohamed Dilsad

තත්ත්වයෙන් බාල කහ නිෂ්පාදනය කළ ස්ථානයක් කොටුකර ගනී

Mohamed Dilsad

Leave a Comment