ව්‍යාපාරික

උද්ධමනය අඩුවෙයි

(UTV | කොළඹ) – කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පහළ ගොස් තිබේ.

අද (30) නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ, නොවැම්බර් මාසයේ දී 61.0%ක් දක්වා එලෙස උද්ධමනය පහළ ගොස් ඇති බවය.

එය 2022 ඔක්තෝබර් මාසයේ වාර්තා වූයේ 66.0%ක් ලෙසය.

එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවති 85.6% සිට නොවැම්බර් මාසයේ දී 73.7% දක්වා පහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවති 56.3% සිට නොවැම්බර් මාසයේ දී 54.5% දක්වා පහළ ගොස් ඇත.

2021 ඔක්තෝබර් මාසයේ සිට ඉහළ යෑමේ ප්‍රවණතාවක් අනුගමනය කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පළමු වරට පසුගිය ඔක්තෝබර් මාසයේ දී පහළ යන ප්‍රවණතාවයක් පෙන්නුම් කරන ලදි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් වෙයි.

Related posts

කාර්මික නිෂ්පාදන දර්ශකය ඉහළට

Mohamed Dilsad

තවමත් සහල් වැඩි මිලට අලෙවි කරන බවට චෝදනා

Mohamed Dilsad

Benz පවුලේ අලුත්ම සාමාජිකයා ළඟදීම

Mohamed Dilsad

Leave a Comment