ප්‍රමුඛ පුවත 1

ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි තීන්දුව අභියාචනා කිරීමේ අවස්ථාවක්

 

(UTV | කොළඹ) – බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණයක් ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා කිරීමේ අවස්ථාව පවතින බව නීතීඥ ප්‍රේම්නාත් සී.දොලවත්ත මහතා පවසයි.

මෙම නඩු තීන්දුවේ දී රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාව ලැබිය යුතුය යන්න නොසලකා හැර ඇති බව ඔහු පෙන්වා දෙයි.

2018 වසරේ පෙබරවාරි 04 වැනිදා පැවැති 70 වැනි නිදහස් සමරු උළෙලට විරෝධය පෑ උද්ඝෝෂකයාන්ට අතින් සංඥාකරමින් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එවකට එම මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අවසන් තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත්කෙරිණ.

මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් පවුම් 2400 ක දඩ මුදලක් ගෙවන ලෙස ඔහුට එහිදී අධිකරණය නියෝග කරනු ලැබීය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ලබාදුන් නඩු තීන්දුව හෙළා දකින බවයි.

Related posts

මන්ත්‍රී විමල් වීරවංශ රක්ෂිත බන්ධනගාර ගත කෙරේ

Mohamed Dilsad

මියන්මාර ජනපතිවරයා නුදුරේම ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ගෝඨාභයට එරෙහි නඩුව කල් යයි.

Mohamed Dilsad

Leave a Comment